ශ්‍රී ලංකා–ජර්මානු ව්‍යාපාරික සංසදයට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අද (28) කොළඹදී සහභාගී විය.
එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ, ලෝකයේ අනෙකුත් රටවල් සහ කලාපීය සංවිධාන සමඟ විවෘතව, විශ්වාසවන්තව සහ නිර්මාණශීලීව කටයුතු කළ හැකි හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව ශක්තිමත්ව නැගී සිටින බවයි. වෙළඳාම, ආයෝජන සහ පාලන ප්‍රතිසංස්කරණ පුළුල් කරමින් ජාත්‍යන්තර ආර්ථික සබඳතා සඳහා නව අවස්ථා උදා කර දීමට ශ්‍රී ලංකාව අඛණ්ඩව කැපවී කටයුතු කරන බවද අග්‍රාමාත්‍යවරිය එහිදී වැඩිදුරටත් පැවසුවාය.
















