27 April 2024
#දේශීය

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලය පලමු වරට රැස්වෙයි

ජාතික ආරක්ෂාව පිළිබද වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ. එහි සභාපති ධුරය දරන්නේ ආචාර්ය සරත් අමුණුගම මහතාය. මෙම වෘත්තික උපදේශක මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, නයිජල් හැව්, නීතිඥ ජාවිඞ් යුසුෆ්, ආචාර්ය රාම් මාණික්කලිංගම්, ආචාර්ය සුරේන් රාඝවන්, යන මහත්වරු කටයුතු කරති.

ජාතික ආරක්ෂාව පිළිබද වෘත්තික උපදේශක මණ්ඩලය පළමු වරට අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් රැස් වූ අතර එහි දී ජනාධිපතිවරයා සදහන් කළේ තම අදහස් සහ යෝජනා ස්වාධීනව ඉදිරිපත් කරමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙනයන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීමට මෙම උපදේශක මණ්ඩලය සිය උපරිම දායකත්වය ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *