27 April 2024
#ක්‍රීඩා

ජාතික ක්‍රිඩා විද්‍යායතනය එක්ව යෝගා වැඩමුළුවක්

යෝගා කිරිමේදී ශරීරය ආබාධ ලක්වීම අඩුවන බව ජාතික ක්‍රිඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂක ජි.එල්.සජිත් ජයලාල් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (11) එම ආයතනයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින්. එම මාධ්‍ය හමුව සඳහා යෝගා වැඩමුළු පවත්වන නියෝජිත පිරිසක් ද එක්ව සිටියේය.

එහිදී අධ්‍යක්ෂක සජිත් ජයලාල් මහතා කියා සිටියේ යෝගා කිරීම තුළින් මානසික ඒකාග්‍රතාවය මෙන්ම සිරුරේ අභ්‍යන්තර පද්ධතියේ ක්‍රියාකාරිත්වය ඉහල මට්ටමකට ගෙන යාමට හැකියාව ඇති බවයි.

ජාත්‍යන්තර යෝගා සම්මන්ත්‍රණය 2019 පෙබරවාරි 11 සහ 12 දෙදින තුළ ක්‍රිඩා අමාත්‍යාංශයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති අතර යෝගා වැඩසටහන ජාතික ක්‍රිඩා විද්‍යා ආයතනයේ ශ්‍රවනාගාරයේදී පෙබරවාරි 9 සිට 10 දින පෙරවරු 10 සිට පෙරවරු 11 දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇත.
මෙහි වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා 0112684921 සහ 0112674718 අමතන ලෙස ජාතික ක්‍රිඩා විද්‍යායතනය දන්වා සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *