27 April 2024
#දේශීය

ජාතික රූපවාහිනිය මැතිවරණ උල්ලංඝණය කරයි -ඡන්ද ප්‍රතිඵල විකාශයත් නවතින හැඩයි..!

ජාතික රූපවාහිනියේ සංස්ථාව විසින් එක්සත් ජාතික පක්ෂයේ අද දින පැවැත්වෙන සමුළුව සජිවී විකාශය කිරීම මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බව වාර්තා ‌වේ.

මේ සම්බන්ධයෙන් අප විමසු අවස්ථාවේදී කොමිෂන් සභාවේ නිලධාරියෙකු පැවසුවේ රූපවාහිනි ආයතනය මැතිවරණ නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් තම නිලධාරින් පිරිසක් එහි ගිය බවයි. එම සජිවි විකාශය නවතා දැමීමට පවා සිිිිදු කල බව රුපවාහිනි ‌සංස්ථාවේ නිලධාරියෙකු අප ‌‌අප වෙත කියා සිටියේය.

මේ සම්බන්දයෙන් රූපවාහිනි සංස්ථාවේ විධායක ශ්‍රේණියේ නිලධාරියෙකු පැවසුවේ කිසිදු මැතිවරණ නීතියක් නොදන්න පාලකයින් පිරිසක් විසින් සිදු කරනු ලබන ක්‍රියාවන් හේතුවෙන් ආයතනය මේ වන විට අප්‍රසාදයට පත්ව ඇති බවයි. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් තුළින් ජනතාව බලාපොරොත්තු වන ස්වාධින ප්‍රවෘත්තී වාර්තාකරණයට පවා මේ බව විට දේශපාලනය මැදිහත්වීම හේතුවෙන් දැඩි අර්බුධකාරි තත්ත්වයකට මුහුණ පා ඇති බවයි.

අද දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ සමුළුව සජීවීව විකාශය මැතිවරණ නීතිය උල්ලංඝණය බව හොඳින් දන්නා නමුත් එය විකාශය කිරීමට බරපතල වරදක් බව එම නිලධාරියා අප වෙත පැවසිය. මේ ආකාරයේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම තුළින් සිදුවන්නේ ඉදිරියේදී මැතිවරණ ප්‍රතිඵල පවා විකාශය අහිමි වන බව ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් ඉදිරියේදි පාලකයින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කර කටයුතු කරනු ඇති බව ඒම නිලධාරියා අප වෙත අනාවරණ කළේය.

මැතිවරණ කොමිෂන් සභාවේ බලධාරි නිලධාරින් දෙදෙනෙකු රුපවාහිනි සේවය‌ට මෙන්ම ස්වාධින රුපවාහිනි සේවයට ද යෙදවීමට කටයුතු කරනු ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *