• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සියලු ශ්‍රී ලාංකිකයන් හදවතට සුවදායී ජීවන රටාවකට හුරු කිරීම සඳහා ෆ්ලෝරා පෙරමුණ ගනී

3 October 2019
in ව්‍යාපාර

හදවතට සුවදායී ජීවන රටාවකට සියලු ශ්‍රී ලාංකිකයන් හුරු කිරීම සඳහාවන සිය දැක්ම අනුව යමින් ෆ්ලෝරා, ‘Joyful Healthism’ උළෙල රාජකීය විද්‍යාලයීය මාස් අංගනයේදී පැවැත්වීය.

සුවිශේෂී යෝගා, ව්‍යායාම සහ සුම්බා සැසි, නැගී එන ව්‍යාපාර, මණ්ඩලය සාකච්ඡා මෙන්ම ‘Flora Joyful Healthism’ අත්පොත ජනගත කිරීම ද මෙදින සිදු විය. සියලු වයස් කාණ්ඩවලට අයත් පිරිස් අතර සෞඛ්‍යසම්පන්න පුරුදුවල වෙනසක් ඇති කිරීම සඳහා ෆ්ලෝරා දක්වන කැපවීම මෙම උළෙල මගින් තවදුරටත් පිළිබිඹු වෙයි.

“අප ජීවත් වන්නේ බෝ නොවන හෘද රෝග ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින යුගයකයි. සෞඛ්‍යසම්පන්න ආහාර වේලක් සහ ක්‍රියාශීලි ජීවන රටාවක් සමගින් හෘද රෝග ඇති වීම දැඩි ලෙස පාලනය කළ හැකියි. තම ආහාර පුරුදුවල කැපීපෙනෙන වෙනසක් ඇති කර ගනිමින් යෝගා, සුම්බා හෝ එවැනි ශරීරයට හිතකර ක්‍රියාකාරකම්වල නියැලෙන ලෙස අප සියලු ශ්‍රී ලාංකිකයන් දිරිමත් කිරීමට පෙරමුණ ගෙන සිටිනවා. මෙම උළෙල, ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන රටාවේ වෙනසක් ඇති කිරීම සඳහා අප දක්වන උත්සාහයේ තවත් එක් අදියරක් ලෙස හඳුන්වා දිය හැකියි,” යනුවෙන් ෆ්ලෝරා අලෙවි කළමනාකාර ෂෙහානි ලියනගේ මහත්මිය සඳහන් කළාය.

උදෑසන යෝගා, ශරීර සුවතා සහ සුම්බා සැසි රැසකින් ආරම්භ වූ මෙම උළෙල මණ්ඩලය සාකච්ඡාවකින් ද සමන්විත විය. Spinners Healthy Café අධිපති යසස් හේවගේ මහතා විසින් මෙහෙයවන ලද මෙම මණ්ඩල සාකච්ඡාව සඳහා යෝගා උපදේශිකා රේඛා ක්‍රිෂ්ණමූර්ති මහත්මිය සහ “Tass Fitness” ආයතනයේ කීර්තිමත් සෞඛ්‍ය උපදේශකයෙකුවන තනුර අබේවර්ධන මහතා ද සහභාගී වූහ. හෘද රෝග වලක්වා ගැනීම සඳහා සෞඛ්‍යයට හිතකර ආහාර ලබා ගැනීමේ වැදගත්කමත්, එම ප්‍රයත්නය සඳහා ඔමේගා 3 සහ ඔමේගා 6 වෙතින් හිමිවන දායකත්වයත් මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට ලක් කෙරිණි. නිරන්තරයෙන් සත්ත්ව ආහාර බහුල, නැවුම් එළවළු සහ පලතුරු අඩු ප්‍රමාණයක් ඇතුළත්වන ආහාර වේල් මෙන්ම අධික ලෙස මත්පැන් පානය කිරීම ද හෘද රෝග ඇති වීමට මූලික පදනම බව විද්‍යාත්මකව තහවුරු කර ඇත.

ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් යනු බටර් වලට වඩා ‘අහිතකර මේදය’ අවම මට්ටමක පවතින නිෂ්පාදනයකි. එහි ඔමේගා 3 සහ ඔමේගා 6 සංඝටක බහුලව අඩංගුවන බැවින් හෘද රෝග ඇති වීමේ අවදානම අවම කෙරෙන අතර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කිරීමටත් උපකාරී වෙයි. විටමින් A, D සහ E සාරයෙන් අනූන ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ්, සිරුරට අත්‍යවශ්‍ය මේදයෙන් සමන්විත වේ. ෆ්ලෝරා ග්‍රෑම් 20 ක් වැනි සුළු ප්‍රමාණයකින් වුව ද දිනකට අවශ්‍ය විටමින් A, D සහ E අවශ්‍යතාවයෙන් 33% ක් සපුරාලයි.

මෙම උළෙලේ දෙවන අදියර ලෙස ෆ්ලෝරා ශ්‍රී ලංකා සමාගමේ දිවිතීයික වෙබ් අඩවිය මෙන්ම මුළුමනින් ම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි අමුද්‍රව්‍යවලින් නිමවා ඇති ෆ්ලෝරා ඇසුරුම ද ජනතාවට හඳුන්වා දෙන ලදි. හදවතට සුවදායී ජීවන රටාවක් සඳහා මෙහිදී පැමිණ සිටි පිරිසට සහ පාරිභෝගිකයන් හට ප්‍රතිඥාවක් ලබා දීමේ අවස්ථාව ද උදාකර තිබිණ. සෞඛ්‍යසම්පන්න ජීවන රටාවක් මෙරට ජනතාවට උරුම කර දීමේ අරමුණ පෙරදැරිව Sathya Yoga, Tass, Ecofriends, SOZO, Decathlon, Dip Station, My Sister’s Kitchen, Spinners Café ආදී නැගී එන ව්‍යාපාරික ආයතන සමග ද ෆ්ලෝරා මෙහිදී අත්වැල් බැඳ ගත්තේය.

වැඩි විස්තර, කෑම වට්ටෝරු සහ සෞඛ්ය පිළිබඳ තොරතුරු සඳහා https://florasrilanka.com/ වෙත පිවිසෙන්න

 

Post Views: 8
Previous Post

ජාතික රූපවාහිනිය මැතිවරණ උල්ලංඝණය කරයි -ඡන්ද ප්‍රතිඵල විකාශයත් නවතින හැඩයි..!

Next Post

සජිත් ආවොත් ඊලග සිංහල අවුරුද්ද කන්න වෙන්නේ “ඔරුමිත්ත නාඩුවක බව චන්න ජයසුමන කියයි

editor

editor

Next Post

සජිත් ආවොත් ඊලග සිංහල අවුරුද්ද කන්න වෙන්නේ "ඔරුමිත්ත නාඩුවක බව චන්න ජයසුමන කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved