බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සිරකරුවන් සඳහා නියමිත ඇඳුම අද (5) පස්වරුවේ ලබාදී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා පවසයි.
ඒ අනුව උන්වහන්සේගේ චීවරය ඉවත් කර අදාළ බන්ධනාගාර ඇඳුමින් සිටින බවත්, සාමාන්‍ය සිරකරුවන් රඳවා සිටින වාට්ටුවක උන්වහන්සේ රඳවා ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් 2018 වසරේදී පනවා තිබූ වසර හයක සිරදඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අභියාචනාධිකරණය අද නියෝග කළේය. එම නියෝගය ලබාදී ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඥානසාර හිමියන්ට ලබාදුන් ජනාධිපති සමාව නීත්‍යානුකූල නොවන බවට තීන්දු කිරීමෙන් අනතුරුවය.













