27 April 2024
#දේශීය

ඩුබායිවලදී අත්අඩංගුවට ගත් මාකඳුරේ මධුෂ්ව කඩිනමින් මෙරටට ගෙන්න – ජනපති 

ඩුබායිහිදී අත්අඩංගුවට පත් ප්‍රධාන පෙලේ අපරාධ රැසකට සම්බන්ධ පාතාල කල්ලියක සාමාජික මාකඳුරේ මධුෂ් ඇතුළු සිව් දෙනා කඩිනමින් මෙරටට රැගෙන එන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දී තිබේ.

අද අලුයම (05) ඩුබායි හි ප්‍රධාන හෝටලයකදී මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් 20 දෙනෙකු එරට ආරක්ෂක අංශ මඟීන් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර ජනප්‍රිය පුද්ගලයෙකු ද සිටින බව වාර්තා වේ.

මෙරට ප්‍රධාන පෙලේ නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම් රැසකට සම්බන්ධ පාතාල නායකයෙකු වන මාකඳුරේ මදූෂ් විවිධ අපරාධ රැසකට සම්බන්ධව පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සිටි පාතාල නායකයෙකි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඩුබායි රාජ්‍ය බලධාරීන් සමඟ කළ ඉල්ලීමට අනුව මාකදුරේ මධූෂ් වහාම ලංකාවට රැගෙන එන ලෙස අදාල ආරක්ෂක නිළධාරීන්ට දන්වා තිබේ.

ඩුබායි ‌හෝටලකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදි ඔවුන් සන්තකයේ මත්කුඩු තිබි ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *