මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන ‘ඩුබායි අසිත’ නමැත්තාට අයත් බව පැවසෙන රුපියල් කෝටි ගණනක වත්කම් තහනම් කිරීමට පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ නීතිවිරෝධී වත්කම් විමර්ශන ඒකකය විසින් කරන ලද කරුණු දැක්වීමකට අනුව මෙම නියෝගය ලබා දී ඇත.
අධිකරණ නියෝගය අනුව රන් පවුම් 105ක්, රුපියල් ලක්ෂ 70ක් පමණ වටිනා වෑන් රථයක් සහ රුපියල් ලක්ෂ 10ක මුදලක් මෙලෙස තහනම් කර තිබේ. මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම මුදල් සහ රන් භාණ්ඩ ‘ඩුබායි අසිත’ විසින් සිය ඥාතීන්ගේ නම්වලින් මිලදී ගෙන තිබූ බවයි.













