ඩෙංගු රෝග ව්‍යාප්තියේ පවතින අවදානම් සහගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්, කොළඹ විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු හෙට (10) සිට එළඹෙන 15 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ පමණක් සිදු කිරීමට විශ්වවිද්‍යාල පාලන අධිකාරිය තීරණය කර තිබේ.
පවතින සෞඛ්‍ය තත්ත්වය පාලනය කිරීම සහ සිසුන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් මෙම පියවර ගෙන ඇති බව විශ්වවිද්‍යාල බලධාරීන් සඳහන් කරයි.
















