27 April 2024
#සංවර්ධන

ණය උගුලෙන් ලංවීම ගොඩනගන්න – ඇමැති අමරවීර නව සභාපතිට කියයි

රු. කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමටත්, එම ණය උගුලෙන් ගැලවීමටත් කටයුතු කරන ලෙස නව සභාපති ලෙස පත් වු විජිත හේරත් මහතා විසින් විශයභාර අමාත්‍යවරයා ඉල්ලීමක් කර සිටියේය.

ලංකා විදුලිබල මණ්ඩලයේ නව සභාපතිවරයා වශයෙන් පත් වු වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වන, මෙරට සහ විදේශයන් කිහිපයක ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කර ඇති විජිත හේරත් මහතා අද (20) දින ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් පත්වීම් ලිපිය ලබා ගත්තේය.

එහිදී අදහස් පළකළ අමාත්‍යවරයා, ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසර අවසාන වනවිට රු. කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින බව සදහන් කළේය.

ලංකා විදුලිබල මණ්ඩලය මෙම වසරේ පාඩුව රු.කෝටි 8500 ක් බවත් ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ගෙවීමට ඇති මුදල රු.කෝටි 8200ක් බව හෙතෙම පැවසිය. ඊට අමතරව පුද්ගලික අංශයෙන් විදුලිය මිලදී ගැනීම නිසා එම ආයතන වලට ගෙවීමට ඇති මුදල රු.කෝටි 4300 ක් බව අමාත්‍යවරයා සදහන් කළේය. සමස්තයක් ලෙස ගත්කළ රු. කෝටි 20,000ක ණය උගුලක සිරවී සිටින ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමටත්, එම ණය උගුලෙන් ගැලවීමටත් කටයුතු කරන ලෙස නව සභාපතිවරයාගේ අමාත්‍යවරයා ඉල්ලීමක් කළේය.

රජයේ ඉලක්කය මෙන්ම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව වන්නේ පරිසරය දූෂණය අවම කරමින් හරිත බලශක්ති උත්පාදනයට යොමුවීම බැවින්, පසුගිය වසර 5 තුළ අකර්මණ්‍ය කර තිබූ සූර්යබල ශක්ති ව්‍යාපෘති, සුළං බලශක්ති ව්‍යාපෘති ඇතුළු පරිසර හිතකාමී බලශක්ති නිෂ්පාදනයට ප්‍රමුඛත්වය දී එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සදහා කටයුතු කරන මෙන්ද සදහන් කළේය.

මෙම අවස්ථාවට, විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මියද සහභාගි වුවාය.

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *