27 April 2024
#දේශීය

සහෝදර භාෂාවන් හරිහැටි නොදැනීම ලැජ්ජාවට කරුණක් – ඇමැති ඩලස් කියයි

මිලියන 21 ක් වන ශ්‍රී ලාංකේය ජනතාවට භාවිත කරන්නට ඇත්තේ භාෂා දෙකක් වුවද එකිනෙකා තමතමන්ගේ සහෝදර භාෂාවන් තවමත් හරිහැටි හඳුනාගෙන නැති බවත් මෙය රටක් වශයෙන් අප ලැජ්ජාවට පත්විය යුතු කරුණක් බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සමස්ත ලංකා දෙවන ජාතික භාෂා තරගාවලියේ ජයසංකේත ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක්වෙමිනි.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ වසර 72 ක දේශපාලන ක්‍රමය බවත්, රටේ අධ්‍යාපන ක්‍රමය තුළින් මේ තත්ත්වය වහා වෙනස් කරගැනීමට අප කටයුතු කළයුතු බවයි.

ලෝකයේ දියුණු වූ රටවල රහස ජාතියක් විදියට එක්ව කටයුතු කිරීම බවත්, ලක්ෂ 45ක් ඉක්මවූ අපේ රටේ දරුවන් දක්ෂ දරුවන්, අදක්ෂ දරුවන් යැයි වර්ග නොකර සියලු දරුවන් රටට සම්පතක් බවට පත්කරගැනීමට අධිෂ්ඨාන කරගතයුතු බව ද අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කළේය. එමෙන් ම භාෂා භාවිතයේ දී අනෙකාට රිදෙන විදිය, සිනමාව, සාහිත්‍යය, කලාව තුළත් විශේෂයෙන් ම මාධ්‍ය භාවිතයේදීත් අවබෝධකර ගතයුතු බව ද දැනුවත් ව හෝ නොදැනුවත් ව සුලු ජාතීන්, අන්‍යාගමිකයින් වැනි වදන් භාවිතය කිසිසේත් අනුමත නොකරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *