27 April 2024
#දේශීය

බලෙන් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන MCC ගිවිසුම සැක සහිතයි : JVPය කියයි…

මිලේනියම් චැලෙන්ජ් හෙවත් MCC ගිවිසුම වත්මන් ආණ්ඩුව විසින් අත්සන් කිරීමට යන්නේ බලහත්කාරයෙන් බවත් මේ ගිවිසුම පිළිබදව තම පක්ෂයට ද සැකයක් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා අද කොළඹ දී පැවැසී ය.

“ආණ්ඩුව බලෙන් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සැක සහිතයි. ජනතාව සමග හෝ මහජන නියෝජිතයින්ගෙන් සෑදුම්ලත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ගිවිසුම් අත්සන් කිරීම වැරදි යි” යනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සඳහන් කළේ අද පැවැති මාධ්‍ය හමුවක දී ය.

ගිවිසුම් අත්සන් කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහැකි බවට සඳහන් කළත්, ගිවිසුමක් අත්සන් කිරීමෙන් පසු එය අහෝසි කිරීම දුෂ්කර ක්‍රියාවක් බවද, ඔහු වැඩිදුරටත් පැවැසී ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *