කොරෝනා වසංගත සමයේ භාවිතයට නොගැනීම හේතුවෙන් වසා දමා තිබූ තලපත්පිටිය ළමා ක්‍රීඩාංගනය, මහරගම නගර සභාවේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය කර අද (26) යළි විවෘත කෙරිණි. අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවයට පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර මහතා ද එක් විය. ආරම්භක අවධියේදී ප්‍රදේශයේ ජනප්‍රියම ස්ථානයක්ව පැවැති මෙම ක්‍රීඩාංගනය, යළි විවෘත කිරීමත් සමඟ දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා සුදුසු පරිසරයක් යළි හිමිව තිබේ.














