කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ගංවතුර පාලනය කිරීමේ අරමුණින් හංවැල්ල සිට මෝදර දක්වා කැලණි ගඟ දෙපස මීටර් 3ක උසැති වේල්ලක් ඉදිකිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරියගේ මූලිකත්වයෙන් පත් කරන ලද කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කමිටුව හරහා මෙම සැලසුම් දියත් කෙරෙන අතර, මෙම ව්‍යාපෘතියට අමතරව විශාල ජලාශ තුනක් ද ඉදිකිරීමට නියමිතය. මෙම ඉදිකිරීම් සඳහා ලබන අයවැය හරහා මුදල් වෙන් කිරීමට පියවර ගන්නා බව මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ කඩුවෙල ආසනයේ ගංවතුරින් හානියට පත් වූවන්ට වන්දි ලබාදීමේ සිව්වන අදියරට එක්වෙමින් වන අතර, එහිදී පුද්ගලයින් 700 දෙනෙකු වෙත වන්දි මුදල් ප්‍රදානය කෙරිණි.














