19 May 2024
#දේශීය #පුවත්

තවදුරටත් පොහොට්ටුවේ සහාය රනිල්ට නැති වෙයි .. බැසිල් ඡන්දයට සුදානම් !

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර පැවැති සාකච්ඡාවේදී ඉතා තීරණාත්මක තීන්දු රැසක් ගෙන ඇති බව වාර්තා වේ.

ඒ එම සාකච්ඡා සඳහා ජනපති පාර්ශවයෙන් කිසිදු අයෙකු සහභාගි නොකර සිටිමට එකඟ වුවද කිසිදු දැනුම් දීමකින් තොරව ඉන්දිය හිටපු තානාපති මිලින්ද මොරගොඩ සහභාගී කර ගැනීම උභතෝකෝටික ප්‍රශ්ණක් වී ඇති බව දැනගන්නට ඇත.

කෙසේ වෙතත් රනිල් වික්‍රමසිංහ සහ බැසිල් රාජපක්ෂ අතර පැවැති සාකච්ඡාවේදී ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

එහිදී බැසිල් රාජපක්ෂ විසින් දැඩි ලෙස මහමැතිවරණය පැවැත්විය යුතු බව දැඩි ලෙස පැවසුවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේම ජනාධිපතිවරණය පැවැත්විමට කටයුතු කරන බව වාර්තා වේ.

රජයේ තොරතුරු ලබා දෙන්නා අප වෙත පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ විසින් දිගින් දිගටම පවසා ඇත්තේ තමාට ජනාධීපතිවරණයට ඉදිරිපත් වීමට අවකාශය ලැබෙනු ඇති බව විශ්වාස කරන බවත් එය ඉදිරි මාසයේදී නිශ්චිතවම ප්‍රකාශ කරන බවයි.

බැසිල් රාජපක්ෂ විසින් දිගින් දිගටම පළාත් පාලන මැතිවරණය මෙන්ම මහමැතිවරණයක් ඉල්ලා සිටියද ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් එය මඟ හරීන් සිට ඇති බව අභ්‍යන්තර දේශපාලන තොරතුරු ලබා දෙන්නා අප වෙත පවසා සිටියේය.

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර පැවැති සාකච්ඡාවට ඉන්දිය හිටපු තානාපති මිලින්ද මොරගොඩ පැමිණිම බැසිල් පාර්ශවයේ දැඩි කතාබහට ලක්ව ඇති බව දැනගන්නට ඇත. ඒ මන්ද මිලින්ද මොරගොඩ ඉන්දියාව හා ඉතා සමීපයෙන් කටයුතු කරන අයෙකු වීම විශේෂත්වයක්.

එහිදී පොදු ජන පෙරමුණේ සහාය තමා වෙත ලබා දෙන ලෙස රනිල් වික්‍රමසිංහ විසින් පවසා ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් මෙම සාකච්ඡාවෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ විසින් අද (06) දිනයේදී පොදු ජන පෙරමුණේ සියළුම පළාත් පාලන මන්ත්‍රීවරුන් කැඳවා ඇති බවත් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ සහාය ලබා නොදී සිටිමට කටයුතු කරන බව වාර්තා වේ. බැසිල් රාජපක්ෂ විසින් ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයට සැලසුම් තම පාර්ශවයේ මන්ත්‍රීවරුන්ට ඉදිරිපත් කරනු ඇති බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *