27 April 2024
#දේශීය

තිලංගගේ නිව්ස් එක නිසා මාධ්‍ය නිලදාරියාගේ වැඩ තහනම්

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ පැවැති සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සහභාගී වු බවට නිකුත් කළ මාධ්‍ය නිවේදන හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කලමනාකරුට මේ වන විට සේවය අත්හිටුවීමේ ලිපියක් නිකුත් කරන බව වාර්තා වේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේ පසුගිය 03 වනදා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග එක්වුයේ වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වා පමණක් බවයි. නමුත් එම සාකච්ඡාව සඳහා හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා සහභාගී වු බවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පවසා ඇත්තේ එම නිවේදනය නිවැරදි විය යුතු බවයි. එසේම එම නිවේදනය නිකුත් කළ මාධ්‍ය නිලධාරියාගේ වැඩ තහනම් කළ යුතු බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දන්වා ඇති බව මේ වන විට ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියා සිටියේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *