27 April 2024
#දේශීය

මෙය මැතිවරණ අයවැයක් නෙමෙයි – මුදල් ඇමැති කියයි

ඇතැමුන් වැරදි ලෙස හඳුන්වාදීමට උත්සාහ කරන පරිදි මැතිවරණ අයවැයක් නොවන බවත් මෙය පසුගිය වසරේ ආරම්භ කළ දිගුකාලීන සංවර්ධනය ඉලක්ක කර ඇරඹූ අයවැයේ තවත් දිගුවක් බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා අද (05)2019 අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම අයවැය මගින් ජනාධිපතිවරයා විසින් යෝජනා කර ඇති සියලු ව්‍යාපෘති සහ වැඩසටහන් සඳහා අවශ්‍ය මුදල් යෝජිත පරිදි වෙන්කරනු ලැබ ඇති බවයි.

විසර්ජන පනත මගින් විශේෂ වියදම් ඒකක යටතේ ජනාධිපති, අග්‍රාමාත්‍ය, උපරිමාධිකරණය, අමාත්‍ය මණ්ඩලය ඇතුලු කොමිෂන් සභාවලට ඝෘජුවම වෙන්කරනු ලබයි.

ජනාධිපතිවරයා යටතේ පවත්නා ආරක්ෂක අමාත්‍යාංශය ඇතුලු අනෙකුත් අමාත්‍යාංශ සඳහා වෙනත් අමාත්‍යාංශ වලට මෙන් වෙනත් වැය ශීර්ෂ යටතේ ප්‍රතිපාදන වෙන්කර ඇති බැවින් ඒවායෙහි කටයුතු වලට කිසිදු බාධාවක් නොමැති බව අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසිය.

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *