27 April 2024
#දේශීය #පුවත්

දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඇමැති ටිරාන් අතර විශේෂ හමුවක්

ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති මියොන් ලී (Miyon Lee) මහත්මිය සහ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අතර විශේෂ හමුවක් අද (02) මහජන ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාලයේදී සිදුවිය.

දෙරට අතර ආරක්ෂක සබඳතා ශක්තිමත් කර ගැනීම සහ ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂක කටයුතු සඳහා දකුණු කොරියාවේ සහයෝගය ලබාගැනීම ඇතුළු ද්වීපාර්ශික වශයෙන් වැදගත් කරුණු රැසක් පිලිබඳ මෙහිදී අවධානය යොමුවිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *