• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

DFCC “Online Onboarding” ක්‍රියාවලිය Global Banking & Finance Review වෙතින් ඇගයුමට

1 February 2024
in පුවත්, ව්‍යාපාර
DFCC “Online Onboarding” ක්‍රියාවලිය Global Banking & Finance Review වෙතින් ඇගයුමට

DFCC බැංකුව ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීමේදී ඔවුන්ගේ තොරතුරු ලබාගැනීම සඳහා eKYC (electronic-know-your-customer) තාක්ෂණය භාවිතයට ගැනීම වෙනුවෙන් එම බැංකුවට Global Banking and Finance Review හිදී විශිෂ්ටතම බැංකුකරණ ක්‍රියාවලිය සඳහා වූ සම්මානය හිමි විය.

මෙය DFCC බැංකුවේ පාරිභෝගික තොරතුරු ක්‍රියාවලිය තුළ පවතින නවෝත්පාදනය, ආරක්ෂාව සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව වැනි ලක්ෂණ වෙනුවෙන් ලැබුණු සුවිශේෂී ඇගයීමකි. මෙමගින් ගනුදෙනුකරුවන්ට බැංකු ශාඛාවන් වෙත යාමට කාලය වැය නොකර අන්තර්ජාලය ඔස්සේ ඉතාමත් පහසුවෙන් DFCC බැංකුවේ සේවාවන් සඳහා ලියාපදිංචි වීමට අවස්ථාව ලැබී තිබේ.

මෙම සම්මානය, නව ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීම සහ දැනටමත් බැංකුවේ සේවාවන් භාවිතා කරන ගනුදෙනුකරුවන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම ලෙස ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීමට DFCC බැංකුව සමත් වීම වෙනුවෙන් ලැබුණු ඇගයීමකි. මෙම ක්‍රියාවලිය මගින් නියාමන අවශ්‍යතා සපුරාලන අතරම ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක් ලබාදීමට DFCC බැංකුවට හැකියාව ලැබී තිබේ.

විදේශයන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන් ඇතුළුව සියලුම දෙනාගේ පහසුව උදෙසා DFCC බැංකුව විසින් මෙම eKYC ක්‍රමය හඳුන්වා දෙන ලදි. එහි සාර්ථකත්වය වෙනුවෙන් මෙම සම්මානය හිමි වීම පිළිබඳව DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී තිමල් පෙරේරා මහතා මෙසේ අදහස් දැක්වී ය. “මෙය මූල්‍ය සේවාවන් සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට මෙන්ම සියලුම දෙනා වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීමට අප දරන උත්සාහයන්ට ලැබුණු වටිනා ඇගයුමක් ලෙස මා දකිනවා. eKYC වැනි තාක්ෂණයන් සමග අපගේ ක්‍රියාවලි පූර්ණ පරිවර්තනයකට ලක්කිරීම මගින් ඩිජිටල් යුගයේ පාරිභෝගික පහසුවට නව අරුතක් ලබාදීමට අපට පුළුවන්. අපගේ ගනුදෙනුකරුවන්ට සුරක්ෂිත, කාර්යක්ෂම සහ ඔවුන්ගේ කාලීන අවශ්‍යතාවන්ට ගැළපෙන බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. එමෙන්ම, තමන් කැමැති ස්ථානයක සිට ඉතාමත් පහසුවෙන් DFCC බැංකු ගිණුමක් විවෘත කර මේ අත්දැකීම විඳගන්නා මෙන් මා සියලුම දෙනාට ආරාධනා කර සිටිනවා.”

තාක්ෂණයේ සිදුවන වෙනස්කම් මෙන්ම, නව පරපුර ඩිජිටල් තාක්ෂණයන් සම්බන්ධයෙන් දක්වන උනන්දුව සැලකිල්ලට ගනිමින් ඉතුරුම් ගිණුම් විවෘත කිරීම සඳහා eKYC තාක්ෂණය හඳුන්වා දීමට DFCC බැංකුව පියවර ගත්තේ ය. මෙමගින් වලංගු හැඳුනුම්පතක් සහිත ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් DFCC බැංකුවේ ගිණුමක් විවෘත කළ හැකි වේ. ශ්‍රී ලංකාවේ වෙසෙන පුද්ගලයන්ට මෙන්ම විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ටද ශ්‍රී ලංකා රුපියල් හෝ වෙනත් වලංගු මුදල් වර්ගයකින් ගිණුම් විවෘත කිරීමට අවස්ථාව සලසා දී ඇත. විශේෂයෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයන් අතර DFCC බැංකුවේ සේවාවන් ජනප්‍රිය වෙමින් පවතින පසුබිමක් තුළ මෙය එම ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් වනු නිසැක ය. මෙම ක්‍රියාවලිය සඳහා කිසිදු අවස්ථාවක කඩදාසි භාවිතා නොවන අතර, ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය පහසු කරවීම සඳහා ගනුදෙනුකරුවන්ට සජීවීව සහයෝගය ලබාදීමද සිදු වේ.

DFCC බැංකුව භාවිතා කරන මෙම eKYC තාක්ෂණයට එක්වරක් පමණක් භාවිතා කරනු ලබන මුරපද හෙවත් OTP මගින් තහවුරු කරනු ලබන ‘Save and apply later’ ක්‍රමයක්, වීඩියෝ මාර්ගයෙන් සජීවීව අනන්‍යතාව තහවුරු කිරීමේ ක්‍රමවේදයක් සහ AML අනුකූලතාව සහිත ගිණුම් අනුමත කිරීමේ ක්‍රියාවලියක් ඇතුළු ආරක්ෂක විශේෂාංග රැසක් ඇතුළත් වී ඇත. මූලික කටයුතු සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ගනුදෙනුකරුවන්ට ක්ෂණිකව ඩෙබිට් කාඩ්පත් ඇතුළුව අනෙකුත් ඩිජිටල් බැංකුකරණ සේවාවන්ද ලබාගත හැකි වේ.

මේ ආකාරයට ප්‍රධාන ක්‍රියාවලි සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිතා කිරීම මගින්, ගනුදෙනුකරුවන් ලියාපදිංචි කිරීමේදී මෙතෙක් මුහුණ දීමට සිදු වූ අභියෝග රාශියක් පහසුවෙන් ජයගැනීමට හැකි වන අතර, එය DFCC බැංකුවේ තිරසාර ක්‍රමෝපායට සමගාමීව ගනුදෙනුකරුවන්ගේ පහසුව සම්බන්ධ නව යුගයක මුල් පියවරක් වනු ඇත. ගනුදෙනුකරුවන් තවදුරටත් DFCC බැංකු ශාඛා වෙත පැමිණීම අවශ්‍ය නොවන නිසා ඔවුන්ගේ කාලය ඉතිරි වන අතර, එය වඩාත් තිරසාර හා පරිසර හිතකාමී බැංකුකරණ අත්දැකීමකට අවස්ථාව උදාකරයි. එමෙන්ම එය මෙරට නවීන බැංකු සේවා ක්ෂේත්‍රයේ ඉල්ලීම් සපුරාලීමේ උත්සාහයන්ට සමගාමීව, මූල්‍ය සේවාවන් තුළ ඩිජිටල් තාක්ෂණ භාවිතාව සම්බන්ධ පුරෝගාමියෙකු ලෙස DFCC බැංකුව සතු පිළිගැනීම තවදුරටත් තහවුරු කරනු නිසැක ය.

PR

Post Views: 780
Previous Post

ශ්‍රීලනිප ප්‍රමුඛ සන්ධානය සුබ නැකතකින් එලි දැක්වීම ලඟදීම

Next Post

දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඇමැති ටිරාන් අතර විශේෂ හමුවක්

editor ttvnews

editor ttvnews

Next Post
දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඇමැති ටිරාන් අතර විශේෂ හමුවක්

දකුණු කොරියානු තානාපති මියොන් ලී සහ ඇමැති ටිරාන් අතර විශේෂ හමුවක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved