27 April 2024
#ව්‍යාපාර

මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය තදුරටත් අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය තදුරටත් අඩුකර තිබේ. ඒ  ආර්ථික ක්‍රියාකාරකම්වලට සහය දැක්වීම සදහා ය.

පසුගියදා  රැස්වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ විශේෂ රැස්විමේදී මෙම තීරණය ගෙන ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය ඊයේ (06)  සිට බලපැවැත්වෙන පරිදි අඩු කිරිමට තීරණය කර ඇති බවත් වාර්තා වෙයි.

වැඩි දුරටත් වාර්තා වන ආකාරයට උද්ධමන පීඩන අඩුවෙන් පවතින වතාවරණයක් තුළ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවන අහිතකර ආර්ථික බලපෑම් වලට මුහුණදීම සදහා ආර්ථිකයට තවදුරටත් සහය විමේ අවශ්‍යතාව සලකා බලා මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත.

කෙසේවෙතත් මුදල් ප්‍රතිපත්තිය  සහ මුදල් තත්ත්වයන් ලිහිල් කිරිම සදහා ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුකූලව වෙළඳපොල ණය පොලී අනුපාතික පහල ගොස් නැති බව මුදල් මණ්ඩලය පවසයි.

එම නිසා තවදුරටත් ප්‍රමාදයකින් තොරව ණය  අනුපාතික අඩු කරන ලෙස මූල්‍ය ආයතනවලින් දැඩිව ඉල්ලා සිටින අතර එසේ නොවුන හොත් ණය පොලී අනුපාතික පහල දැමිම සදහා සුදුසු නියාමන ක්‍රියාමාර්ග ගැනිමට සිදු වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *