27 April 2024
#දේශීය

දැනට ප්‍රදර්ශනය කර ඇති පුවරු ස්වෙච්ඡාවෙන් ඉවත් කරන්න – මැ.කො

සියලුම දේශපාලන පක්ෂවල අපේක්ෂකයින්ගේ ස්වකීය වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීමට මැතිවරණ කොමිෂන් සභාව කළ ඉල්ලීමට සියලුම දේශපාලන පක්ෂ හා නියෝජිතයින් එකඟ වු බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (02) මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පිළිගත් දේශපාලන පක්ෂ නියෝජනය කරන අපේක්ෂකයින් දහදෙනෙක් අද දින නාම යෝජනා සඳහා ඇප තැන්පත් කළ කර ඇති අතර හිටපු හා වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දහ දෙනෙක් ස්වාධීන අපේක්ෂකයින් ලෙස හා ලියාපදිංචි නොවූ දේශපාලන පක්ෂයක අයෙක් වෙනුවෙන් ඇප තැන්පත් කර තිබෙන බවයි.

අද දින මැතිවරණ කොමිෂන් සභාව හා පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තරග කිරීමට අපේක්ෂිත දේශපාලන පක්ෂ හා ඇප තැන්පත් කරන ලද නියෝජිතයින් සමඟ සාකච්ඡාවක් පැවැත් වු අතර එහිදී නාමයෝජනා භාර ගැනීමට අදාළ කටයුතු, රථවාහන සැලැස්ම, නාමයෝජනා ශාලාවටඇතුළුවන තැනැත්තන් පිලිබඳ තොරතුරු ඔවුන්ට පැහැදිලි කළ බව දේශප්‍රිය මහතා කියා සිටියේය.

එසේම ඡන්ද විමසීමේ දී ප්‍රචාරක කටයුතු සඳහා ඡන්ද කාර්යාල නීති රීති, විධිවිධාන පැහැදිලි කළ බව ද හෙතෙම පැවසිය. දැනට ප්‍රදර්ශනය කර ඇති ප්‍රචාරක පුවරු ස්වෙච්ඡාවෙන් ඉවත් කරන ලෙස සියලුම සිය දේ ස්වේච්ඡාවෙන් ඉවත් කරන ලෙස සියළුම දේශපාලන පක්ෂ නියෝජිතයින් ගෙන් ඉල්ලා සිටින ලද අතර 2019 ඔක්තොම්බර් 7 දින මධ්‍යම රාත්‍රී 12 ට පසු සියලු ප්‍රචාරක පුවරු ඉවත් කිරීමට කටයුතු කරන ලෙස පොලිසියට දන්වා ඇති බව සභාපතිවරයා අනාවරණ කළේය.

මෙම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර, මැතිවරණ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක යන මහත්වරුන්ද සහභාගි වූහ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *