27 April 2024
#දේශීය

දැන්වත් එකට වැඩකරන්න පුළුවන් අවස්ථාව අපේ අතට ගතයුතුයි…. ! ඇමැති රවි කියයි

පසුගිය දිනවලදී පාර්ලිමේන්තුවට නව ව්‍යවස්ථා කෙටුම්පතක් ඉදිරිපත් කළ බවත් එය බලහත්කාරයෙන් ඉදිරිපත් කළ දෙයක් නොවන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා කොළඹ 14, ස්ටේඩියම්ගම දහම් පාසල යළි ආරම්භ කිරීමේ අවස්ථාවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමිනි. මෙම දහම් පාසලේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අමාත්‍යවරයා විසින් රු.දසලක්ෂයක මුදල් පරිත්‍යාගයක්ද මෙහිදී සිදුකෙරිණි.

එහිදී අමාතවරයා මෙසේ අදහස් පල කර සිටියේය “ මේක අන්තවාදි විදියට එහෙට මෙහෙට තල්ලු කරලා, ෆුට් බෝලයක් වගේ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට ගහන්නෙ නැතිව, අපි ඔක්කොම එකතු වෙලා දැන්වත් එකට වැඩකරන්න පුළුවන් අවස්ථාව අපේ අතට ගතයුතුයි. සිංහල, දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ යන සෑම දෙනාටම හදවතින් රටට සාමය ගේන්න පුළුවන්, බෞද්ධගමට මුල් තැන දීලා, ඒකීයභාවය රැකගෙන, සියළු දෙනාටම මේ මගේ රට කියලා එකට ජීවත් වෙන්න පුළුවන් මාර්ගයක් තමයි ඉන් ඇති කරන්න හදන්නේ” යැයි විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසුවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *