ගැඹුරු මුහුදේදී නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී රුපියල් කෝටි 400කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට බලධාරීන් සමත්ව තිබේ. ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එම ස්ථානයට පැමිණ අදාළ මත්ද්‍රව්‍ය තොගය නිරීක්ෂණය කළ අතර එහිදී අනාවරණය වූයේ යාත්‍රාව තුළ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් නිලධාරීන් භාරයට ගෙන ඇති බවයි. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකළ විධිමත් පරීක්ෂාවකින් පසුව මෙම මත්ද්‍රව්‍ය තොගය හෙරොයින් බවට තහවුරු කරගෙන ඇත.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී ඊයේ දින නාවික හමුදාව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදී මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ වන විටත් එහි මත්ද්‍රව්‍ය බහාලූ උර 6ක් තිබී සොයාගෙන තිබේ. මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සම්බන්ධයෙන් එම යාත්‍රාවේ සිටි සැකකරුවන් සිව්දෙනෙකුද නිලධාරීන් භාරයට ගෙන ඇති අතර ඔවුන්ව ගොඩබිමට රැගෙන ඒමෙන් අනතුරුව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දික්ඕවිට වරාය පරිශ්‍රයේදී සිදුකළ මෙම මහා පරිමාණ වැටලීම මෙරට මත්ද්‍රව්‍ය මර්දන ක්‍රියාවලියේ තවත් එක් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස සැලකේ.














