27 April 2024
#දේශීය

දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත් කෙරේ

කොරෝනා ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් දින තුනක විශේෂ නිවාඩුවක් ප්‍රකාශයට පත්කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව හෙට සිට එළඹෙන බ්‍රහස්පතින්දා දක්වා මෙම නිවාඩුව බල පැවැත්වෙන බව රජය නිවේදනය කරයි.

සෞඛ්‍ය, ප්‍රවාහන, අත්‍යාවශ්‍ය සේවා, ආහාර සැපයුම්, බැංකු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හැර රජයේ අනෙකුත් දෙපාර්තමේන්තු, සංස්ථා ඇතුළු ආයතන සඳහා මෙම විශේෂ දින 03ක නිවාඩුව බල පැවැත්වෙනු ඇති.

පෞද්ගලික අංශයට ද මෙම නිවාඩුව ලබාදෙන මෙන් රජයේ ඉල්ලා සිටියි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *