• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

දුම්රිය ඉතිහාසයේ පෙරළියක් … බහළුම් ප්‍රවාහන ගැල් ලංකාවට(ඡායාරුප සහිතයි)

17 May 2019
in සංවර්ධන
0
SHARES
1
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලාංකේය දුම්රිය ඉතිහාසයේ පෙරළියක් ඇති කරමින් වසර තිහකට පසුව බහළුම් ප්‍රවාහන ගැල් දහයක් ඊයේ (16) ආනයනය කර ඇති බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය සඳහන් කළේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව ඇති බහළුම් ප්‍රවාහන ගැල් (container carrier wagon) සංඛ්‍යාව 25 ක් බවත් එම ඇණිය වැඩිකර ගැනීම සඳහා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ බහළුම් ප්‍රවාහන ගැල් 20 ක් මෙරටට ආනයනයට ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අපේක්ෂා කරන බවයි.

එහි පළමු අදියර යටතේ ගෙන්වූ බහළුම් ප්‍රවාහන ගැල් දහය කොළඹ වරායට ඊයේ ලැබුණ අතර අඩි 40 බහාළුම් ප්‍රවාහනය කළ හැකි එම ගැලක වටිනාකම ඇ.ඩො. 84, 200 කි. ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 15 ක් වන බව අමාත්‍යංශය පවසයි.

බහළුම් ප්‍රවාහන දුම්රිය ගැල් ලංකාවට ගෙන ඇත්තේ MIIKE PANAMA නෞකාවෙනි. එම නෞකාවෙන් ඉන්ධන ප්‍රවාහන ගැල් 05ක්ද ලංකාවට ‍ආනනයන කෙරිණ. එයද ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේය. ඒ යටතේ ආනයනය කිරීමට අපේක්ෂිත මුළු ඉන්ධන ප්‍රවාහන ගැල් සංඛ්‍යාව 30ක් වේ. එහි එක් ඉන්ධන ප්‍රවාහන ගැලක වටිනාකම ඇ. ඩො 85500 කි. ආසන්න වශයෙන් ශ්‍රී ලංකා මුදලින් නම් රු.මි. 15.2ක් වේ. ඉන්ධන ලීටර් 45000 ක් (ගැලුම් 10000ක්) එක් ගැලකින් ප්‍රවාහනය කළ හැකිය. මීට පෙර එවැනි ඉන්ධන ගැල් ආනනයක කර ඇත්තේ 2008 වසරේදී පාකිස්ථානයෙනි.

ඉංග්‍රීසි පාලකයින් ‍මෙරට වගාකළ ඔවුන්ගේ වැවිලි භෝග කොළඹ නැව් තොට වෙත ගෙන ඒම සඳහා දුම්රිය ගමනා ගමනය අරම්භ කළද පසුකාලීනව විශේෂ අවධානයක් යොමු වූයේ මගී ප්‍රවාහනය සඳහාය. මගී ප්‍රවාහනය අද වන විට දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රමුඛ කාර්ය භාරය වී තිබේ. කෙසේ නමුත් මගී ප්‍රවාහනයට අමතරව භාණ්ඩ සහ ඉන්ධන ප්‍රවාහනය කෙරෙහිද මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් යොමු කර තිබේ.

ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා මෙසේ අදහස් පල කර සිටියේය “ඉදිරි මාස කිහිපයකදී එහි සැලකිය යුතු වර්ධනයක් අපේක්ෂා කරනවා. දුම්රිය කියන්නේ ලාභ ලබන ව්‍යාපාරයක් නෙමෙයි. එය මහ‍ජන සේවාවක්. නමුත් රටට බරක් නොවී දුම්රිය සේවාව පවත්වාගෙන යා යුතු වනවා. ඒ සඳහා දුම්රිය සේවාවට ලැබෙන ආදයම නිසි ලෙස එකතු කිරීමත් ආදායම් මාර්ගවල වර්ධනයකුත් කළ යුතු වනවා. ඒ අනුව දියත් කරන සැලැස්මේ එක් පියවරක් ලෙසට දුම්රිය ඇණිය වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා….”යිද ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

මේ වන විට ඉන්ධන අතුළු භාණ්ඩ ප්‍රවාහනයෙන් වාර්ෂිකව දුම්රිය දෙපාර්තමේන්තුව උපයන අදායමේ ප්‍රතිශතය 2% කි. ඉන්ධන ප්‍රවාහනයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව උපයන ආදායම දැනට 22% ප්‍රතිශතයකි. කටුනායක ගුවන්තොටුපලට ගුවන්යානා ඉන්ධන ප්‍රවාහනය අතුළුව අනෙකුත් ප්‍රදේශවලට කරනු ලබන ඉන්ධන ප්‍රවාහනය එයට ඇතුලත් වේ. දුම්රිය දෙපාර්තමෙන්තුවට ඉන්ධන ප්‍රවාහනය සඳහා වත්මන යොදා ගැනීමට ඇත්තේ ගැල් සංඛ්‍යාව 160 කි.

Post Views: 20
Previous Post

බෙනස් වර්ගයේ ගිලන් රථ 20 ක් රෝහල්වලට

Next Post

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

editor

editor

Next Post

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 24k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

දුර බැහැර ප්‍රදේශවල සේවය කරන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා ප්‍රවාහන පහසුකම් ඉල්ලා GMOA වෙතින් රජයට බලපෑම්

15 September 2026
වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

වන විනාශය හෝ පරිසර හානියක් ගැන දැනුම්දීමට 1995ට කතා කරන්න

15 September 2026
ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

ඉන්ධන මිල සංශෝධනයක් ගැන මෙතෙක් කිසිදු යෝජනාවක් නැහැ

15 September 2026
ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට  පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

ඩයස්පෝරා අරමුදල් ලැබුණු බවට පළ වන චෝදනා රජය තරයේ ප්‍රතික්ෂේප කරයි

15 September 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

කරුණා පිල්ලෙයාන් දමනය කළා වගේ නාමල් අර්චුනා දමනය කළා

15 September 2026
වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

වැට් බදු ආරවුලක් සම්බන්ධයෙන් යුනිලිවර් සමාගම ගොනු කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කෙරේ

15 September 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved