27 April 2024
#දේශීය

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි. ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි. ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරයි.

සිද්ධර්ථ කුමරුගේ උපත, බෝධිසත්වයන් වහන්සේගේ බුදුවීම හා පිරිනිවන් පෑම වෙසක් දින සිදු වූ සුවිශේෂී සිදුවීමයි.

වෙසක් පෝයා නිමිත කරගෙන මෙවර ආමිෂ පුජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවට මුල්තැනක් හිමිව තිබේ.පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව උදා වූ වෙසක් පොහොය දිනය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ද ආගමික ස්ථන ආශ්‍රිතව ක්‍රියාත්මක කෙරේ.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *