27 April 2024
#දේශීය

දෙමළ ප්‍රභූ දේශපාලනඥයින්ගේ අන්තවාදී උවමනාවන් අලුත් පරම්පරාව ප්‍රතික්ෂේප කරනවා

සාමාන්‍ය දමිළ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීම වෙනුවට ඔවුන්ගේ සිත්වලට අන්තවාදය ඇතුළු කරන සම්බන්ධන් වැනි දෙමළ ප්‍රභූ දේශපාලනඥයින් තම සුඛ විහරණය වෙනුවෙන් සිදු කළ අවස්ථාවාදී දේශපාලනය උතුරේ දෙමළ ජනතාව, විශේෂයෙන් දමිළ තරුණ පරම්පරාව ක්‍රමක්‍රමයෙන් ප්‍රතික්ෂේප කරන බව  ජාතික නිදහස් පෙරමුණේ නායක, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (15) වැල්ලවත්ත මයුරපති ශ්‍රී භද්‍රකාලි අම්මාන් කෝවිලේ පැවති දේවාශිර්වාද පූජාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී අමාත්‍යවරයා මෙසේ අදහස් පල කළේය ” දැන් බලන්න සම්බන්ධන් මහත්තයාට පසුගිය රජයෙන් ජීවිතාන්තය තෙක් රැඳෙන්න නිවසක්, ආවතේව කරන්න පිරිසක්, වාහනයක් ලැබුණා. නමුත් උතුරේ දෙමළ ජනතාවගේ කිසිඳු පැනයකට පසුගිය රජයෙන් පිළිතුරු ලැබුනේ නැහැ. සම්බන්ධන් මහත්තයලා විසඳුම් රැගෙන දුන්නෙත් නැහැ. දෙමළ ප්‍රභූ දේශපාලනඥයන් මෙතෙක් කලක් දෙමළ ජනතාවගේ ප්‍රශ්න දඩමීමා කරගෙන තමන්ට සුවපහසු ජීවිත සදා ගත්තා. ඔවුන් කැමති නැහැ සාමාන්‍ය දමිළ ජනතාවගේ ජීවන තත්වය උසස් වෙනවාට. ඔවුන්ට අවශ්‍ය දෙමළ ජනතාව දැනට ඉන්න දුක්ඛිත තත්වයෙන්ම තබා ගන්න. අපි රජයක් ලෙස කටයුතු කරන්නේ සාමාන්‍ය දෙමළ ජනතාවගේ ජීවන තත්වය ඉහළ දැමීමටයි. එහිදී මේ අන්තවාදී දේශපාලනඥයන්ගේ උවමනාවන් වෙතින් සාමාන්‍ය ජනතාව මුදවා ගත හැකියි, යන විශ්වාසය අපට තිබෙනවා.”

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *