නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් මෙරට කෘෂිකර්මාන්තය නංවාලීම අරමුණු කරගත් “දේශගුණික සුහුරු කෘෂිකර්ම මධ්‍යස්ථානය” (Climate Smart Agriculture Center) අද (27) බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී විවෘත කරන ලදී.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම මධ්‍යස්ථානය විවෘත කෙරුණු අතර, ඒ සඳහා ලෝක බැංකු ආධාර (World Bank) මූල්‍යමය දායකත්වය සපයා ඇත. දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන සහ ඉහළ අස්වැන්නක් ලබාගත හැකි සුහුරු කෘෂිකර්ම ක්‍රමවේදයන් මෙරට ගොවි ජනතාව අතර ප්‍රචලිත කිරීම සහ ඒ සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම මෙම මධ්‍යස්ථානය පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි.
මෙම අවස්ථාවට කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ විදේශීය නියෝජිතයින් පිරිසක් සහභාගී වී සිටියහ. දේශගුණික විපර්යාස හමුවේ අභියෝගයට ලක්ව ඇති මෙරට කෘෂි ක්ෂේත්‍රයට නවීන විසඳුම් ලබාදීම සඳහා මෙම මධ්‍යස්ථානය වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.












