27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුවේ ගැටුම නවත්වන්න ජනතාව තීන්දුවක් ගන්න ඕන – හිටපු ජනපතිනිය

එක් එක් පුද්ගලයා විසින් සිදු කරනු ලබන විවිධ බල අරගලය තුළ මේ වන විට පාර්ලිමේන්තුව තුළ ඇතිවී තිබෙන යුද්ධය අවසන් කිරීමට සියළු ජනතාව එකතුවී තීන්දුවක් ගත යුතු බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කළේ ඊයේ (14) කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්ම්න්ත්‍රණ ශාලාවේ පැවති වැඩසටහනකට එක්වෙමින්.

වර්තමානයේ රටේ පවතින ගැටළු සඳහා එකම හේතුව වන්නේ පවතින ගැටුම් කාරී තත්ත්වය වන බවත් එවා අවසන් කර ගැනීමට හැකි වුවහොත් වර්තමානයේ පවතින ගැටළුද නිරාකරණය කර ගත හැකි බව ඇය සඳහන් කළේය.

මේ වන විට රටේ ඇතිවී තිබෙන ගැටුම පාර්ලිමේන්තුවේ විවිධ පක්ෂවලට අයත් ගැටුමක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය වැඩිදුරටත් පැවසීය. එසේම එකිනෙකා මෙලෙස බල අරගලයට පොරකන්නේ හොරා කෑමට බව ද ඇය අනාවරණ කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *