27 April 2024
#දේශීය

නව අගමැති ලෙස මහින්ද පත් කිරීම අදයි.. නව ඇමැති මණ්ඩලය පක්ෂ නායකවරුන්ටයි ..

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද දින නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දීමට නියමිතයි. අද (21) පස්වරු එකට ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදුකිරීමට නියමිතව ඇත.

ඒ අනුව නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පස්වරු 3 ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී වැඩ භාරගැනීමටද නියමිතය. එසේම නව අග්‍රාමාත්‍යවරයාගේ පත්වීමත් සමඟ 15 දෙනෙකුගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට ද නියමිතයි.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ මෙම අමාත්‍ය මණ්ඩල පත් කිරීමේදී පක්ෂ නායකවරුන් හට විශේෂත්වයක් හිමි වන බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බොහෝ විට මහලේකම් දයාසිරි ජයසේකර මහතාට සහ මහින්ද අමරවීර මහතාට අමාත්‍ය ධුර හිමිවන බව වාර්තා වේ.

දිලිනි සමන්මලි  

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *