27 April 2024
#දේශීය

මහින්දට අගමැති වෙන්න තව කල් ඉවසන්න තිබ්බා – වෙල්ගම කියයි

අද වන විට රජයේ ආයතනවල කිසිදු වැඩක් නිසි ලෙස සිදු නොකෙරන්නේ නිශ්චතව අගමැති කවුරුන්ද යන ප්‍රශ්ණය මත බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ එක් අගමැතිවරයෙක් අගමැති කාර්යාලය තුළත් තවත් කෙනෙක් අරලියගහ මන්දිරය තුළත් ජීවිත් වීමෙන් රටට කිසිදු ප්‍රයෝජනයක් නොමැති බව ද පැවසීය.

මෙම ගැටළුව හැකි ඉක්මනින් විසදිය යුතු බවත් දෙදෙනාගෙන් එක් අයකුට අගමැති ධුරය ලබා දිය යුතු බවත් එය පාර්ලිමේන්තුවේ බහුතරය මගීන් පෙන්වීමට කටයුතු කළ යුතු බව හෙතෙම කියා සිටියේය. මේ අවස්ථාවේදී ඉක්මන් නොවී තව මාස 12 කින් පැවැත්වෙන මැතිවරණයකදී අගමැති ධුරය ලබා ගත්තානම් හොඳ බව වෙල්ගම මහතා අවධාරණය කළේය.

සියලු කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව සිදුවිය යුතු බවත්, තමාට රෙද්දක් ඇඳ ගෙන පාර්ලිමේන්තුව තුළ අසුන් ගැනීමට අසීරු බව ද ඔහු සඳහන් කරයි.

අද වන විට කොහොම වුණත් හිත යට ගින්දරක් ඇති බවත්, පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව සිටි මහින්ද රාජපක්ෂ මහතාට සහය ලබා දෙන බව ද වෙල්ගම මහතා කියා සිටියේය.

තමා කිසි දිනෙක එක්සත් ජාතික පක්ෂයට නොයන බව ද මන්ත්‍රීවරයා මෙහිදී තරයේ අවධාරණය කළේය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *