27 April 2024
#දේශීය

නව වසරේ පළමු කැබිනට් රැස්වීම හෙට

නව වසරේ පළමු කැබිනට් රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. ඇමැතිවරුන්ගේ විෂය පථයන් ගැසට් කිරීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය පළමු වරට රැස්වන්නේ හෙට දිනයේයි.

රජයේ අත්‍යවශ්‍ය යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පෙර අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම කැබිනට් පත්‍රිකා අධ්‍යනය කිරීමට කමිටුවක් පත්කිරීමට නියමිතය.

කැබිනට් පත්‍රිකා අධ්‍යනය කිරීමේ කමිටුව පත්කිරීම පිළිබඳ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *