• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නව ව්‍යවස්ථාවකට යෝජනා මාලාවක් ජනපතිට පිළිගන්වයි

14 February 2020
in දේශීය

නව ව්‍යවස්ථාවක් සැකසීමේ දී සැලකිල්ලට ගත යුතු කරුණු ඇතුළත් යෝජනාවලියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වා තිබේ.

ඒ ඊයේ (13) පස්වරුවේ කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී “ශක්ති සම්පන්න රාජ්‍යයක් – අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා” මැයෙන් යුතුකම සංවිධානය සම්පාදනය කළ වැඩසටහනකදිය.

අපට උරුම සභ්‍යත්ව රාජ්‍යය යළි ගොඩනැගීම, සැබෑ මහජන නියෝජනය හා ජනතා පරමාධිපත්‍ය, ඒකීය ශ්‍රී ලංකාවක් තහවුරු කිරීම, විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර බල තුලනය සහ යුතුකම මුල්කරගත් සමාජයක් යන අරමුණු 05 ක් සහිතව යෝජනාවලිය සම්පාදනය කර තිබේ.

යුතුකම සංවිධානයේ සභාපති ගෙවිදු කුමාරතුංග මහතා ජනාධිපතිවරයා වෙත අදාළ යෝජනාවලිය පිළිගැන්විම සිදු කෙරිණ.

මෙහිදී ආචාර්ය ගුණදාස අමරසේකර සහ ජනාධිපති නීතිඥ මනෝහාර ද සිල්වා මහත්වරුන් වෙත ජාතිය වෙනුවෙන් ඉටු කළ මෙහෙවර අගයමින් උපහාර තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණ.

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරි පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමිපාණන් වහන්සේ විශේෂ අනුශාසනාවක් කළහ.

නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ප්‍රමුඛ මහා සංඝරත්නය ද, බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, දයාසිරි ජයසේකර යන අමාත්‍යවරුන් , පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හා මහජන නියෝජිතයෝ ද, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සහ විද්වතුන්, කලාකරුවන්, ලේඛකයන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

දිලිනි සමන්මලි

 

 

Post Views: 7
Previous Post

මෛත්‍රී – රොෂාන් ගැටුම මනාප පොරයක්ද ?

Next Post

නව වෘත්තිකයින් බිහි කරන්න VTA සභාපතිගෙන් අලුත් වැඩක්

editor

editor

Next Post

නව වෘත්තිකයින් බිහි කරන්න VTA සභාපතිගෙන් අලුත් වැඩක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved