27 April 2024
#විදෙස්

රුසියාවේ අගමැතිටත් කොරෝනා

කොවිඩ් 19 හේතුවෙන් මේ වන විට  රුසියාවේ 106498ක් ආසාදිතයින් වී 1073ක්  මිය ගොස් ඇති අතර එරට අග්‍රාමාත්‍ය මිහායිල්  මිෂුස්ටින්  වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මිහායිල්  මිෂුස්ටින්  පසුගිය ජනවාරි මාසයේ සිට අගමැති   ධූරයේ කටයුතු කරන අතර වයිරසයට ආදාළ කටයුතු මෙහෙයවීමට සක්‍රීයව දායකව සිට ඇත.

මාධ්‍ය වාර්තා අනූව රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් සමඟ වීඩියෝ ඇමතුමකින් සම්බන්ධ වෙමින් ඔහු සිය අසනීප තත්ත්වය දන්වා ඇති අතර මේ වන විට වැඩ  බැලීමට එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය අන්ද්‍රෙයි බෙලසොව් පත් කර ඇත. 

වෛරසය ආසාදනය වූ අගමැතිවරයා මේ වන විට ස්වයං නිරෝධානයට යොමු වී ඇති අතර කොරෝනා වයිරසය ආසාදනය වූ රුසියාවේ ප්‍රථම ජ්‍යෙෂ්ඨ දේශපාලඥයා  ඔහුය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *