27 April 2024
#දේශීය

නිදහස් පක්ෂය තවම පොහොට්ටුවට එක් වුණේ නෑ – බැසිල් කියයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු ජන පෙරමුණ එකතු වීමක් මෙතෙක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

අද (03) සිය පෞද්ගලික විදේශ සංචාරය නිම කරමින් මෙරටට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වේදීන් නැඟු ප්‍රශ්ණ වලට පිළීතුරු ලබා දෙමින් කියා සිටියේ ජනාධිපතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එකට කටයුතු කල නමුත් මෙතෙක් එක්වීමක් සිදු නොවු බවයි.

එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයග්‍රාහි ලකුණකින් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරගකරන බව හෙතෙම පැවසිය. තවදුරටත් අදහස් දක්වමින් බැසිල් රාජපක්ෂ මහතා කියා සිටියේ ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ලබන මාර්තු මාසයෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරින බවයි.

ඒ අනුව පොදු ජන පෙරමුණට අටට අවශ්‍ය වැඩ ටික කරන්න අනිවාර්යයෙන්ම ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බව ඔහු අවධාරණය කළේය. ඒ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අනෙකුත් අපේ පක්ෂ සමඟ එකතු වෙලා කටයුතු කරන බව රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *