27 April 2024
#දේශීය

නිහඩව හිටියා ඇති… පුප්පන ගමනක් නෙමෙයි අපේ තියෙන්නේ – ඇමැති රවි

‍පක්ෂ නායක ලෙස රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරද්දී වෙනත් කෙනෙකු නායකයා පුප්පන්න අවශ්‍ය නොමැති බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මඩකලපුව ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ අග්‍රාමාත්‍ය ධුරය දැරිමට සුදුසුකම් සහිත එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බවයි.

අසත්‍ය ප්‍රචාර පතුරවමින් එක්සත් ජාතික පක්ෂය තුළ අර්බුද ඇති කිරීමට ඇතැම් කණ්ඩායම් කටයුතු කරමින් සිටින බව හෙතෙම පැවසිය.

එහිදි එක්සත් ජාතික පක්ෂ ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ද අමාත්‍යවරයා අදහස් පල කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *