27 April 2024
#දේශීය

නීති වීරෝධී මිනිස් ජාවාරමට එරෙහි ඕස්ට්‍රේලියානු රජය අතර අවබෝධතා ගිවිසුමක්

නීති වීරෝධී මිනිස් ජාවාරමට එරෙහිව ශ්‍රී ලංකා රජය සමඟ  ඕස්ට්‍රේලියානු රජය අතර අවබෝධතා ගිවිසුමක්  අත්සන් කිරීමට එකඟතාවය පල කර තිබේ.

ඕස්ට්‍රේලියානු රජයට සහ ශ්‍රී ලංකාවට කලක සිට දැඩි අර්බුදයක පවතින නීති වීරෝධී මිනිස් ජවාරමට කාලීන විසඳුමක් ලෙස නව රජය මේ සම්බන්ධයෙන් ගෙන යනු ලබන ක්‍රියා මාර්ග පිළිබඳ සුබවාදී ආකල්ප හේතුවෙන් දෙරට අතර අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇත.

ඒ පිළිබඳව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ ඕස්ට්‍රේලියානු රජයේ නියෝජිතයන් අතර මුලික සාකච්ඡාවක් අද දින (12) අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදී.

ඒ සඳහා ඕස්ට්‍රේලියානු රජය නියෝජනය කරමින් Major General Carig Furini ( Commander Joint Task Force , Operation Sovereign Borders) ,Ms Jenny Grant ( Curnow –Acting Assistant Secretary , People Smuggling and Human Taraffiking Task , Australian Department Of Foreign Affairs and Trade ) ,HE David Holly ( Australian High Commissioner To Sri Lanka) , Ms Tara Cavanagh ( Minister Counselor Home Affairs ) ,Group Captain Sean Unwin ( Defence Adviser ) , Ms Susan Jones ( Second Secretary ) නිලධාරීන් පිරිසක් ද ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජන කරමින් අද්මිරාල් නිශාන්ත උළුගැටෙන්නේ මහතා සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් එයා(ර්) වයිස් මා(ර්)ෂල් එස්. කේ. පතිරණ මහතා ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

 

දිලිනි සමන්මලි 

Leave a comment

Your email address will not be published. Required fields are marked *