ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් අද (01) නුවරඑළිය සිනසිටා ක්‍රීඩාංගණයේදී පැවැති දැවැන්ත මැයි දින රැලිය අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ වත්මන් රජය කෙරෙහි ජනතාව තබා ඇති නොබිඳිය හැකි විශ්වාසයයි. නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාව ඇතුළු සමස්ත ප්‍රජාවම ජාතික ජන බලවේග ආණ්ඩුව සමඟ එක්ව සිටින බවත්, එම ජනතා කැමැත්ත සහ විශ්වාසය හමුවේ අතීතයේ මෙම ප්‍රදේශවල මැයි දින රැලි පැවැත්වූ කිසිදු දේශපාලන පාර්ශ්වයකට අද දින එවැනි ජනතා ආකර්ෂණයක් සහිත රැලි පැවැත්වීමට නොහැකි වී ඇති බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. පටු දේශපාලන න්‍යාය පත්‍රවලින් ඔබ්බට ගොස් රටේ අනාගතය වෙනුවෙන් ජනතාව ගන්නා ලද මෙම තීරණය සැබෑ ජන බලයක උරුමයක් බවද හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.














