27 April 2024
#සංවර්ධන

නුවරගල මහ විද්‍යාලයේ ද්විතීක විද්‍යාගාරය ජනපති අතින් විවෘත කෙරේ

දෙහිඅත්තකණ්ඩිය නුවරගල මහ විද්‍යාලයේ රුපියල් දෙකෝටි දශ ලක්ෂයක වියදමින් ඉදිකරන ලද ද්විතීක විද්‍යාගාරය සහ දෙමහල් ගොඩනැගිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (15) පෙරවරුවේ විවෘත කෙරිණි.

ගොඩනැගිල්ල විවෘත කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා පාසල් දරුවන්ගේ ක්‍රියාකාරකම් අධීක්ෂණය කළේය.

මෙම අවස්ථාවට පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහල පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අත්තනායකල පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, විදුහල්පති ලියනපතිරණගේ සමන්ත යන මහත්වරුද සහභාගි වූහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *