27 April 2024
#දේශීය

නුවර ගැටුම  බුද්ධි අධ්‍යක්‍ෂකගේ කරට දැමිමේ සැලසුමක් ගැන හෙළිදරව්වක් 

පසුගියදා මහනුවර පැවැති ගැටුම සම්බන්ධයෙන්  රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂවරයා විසින් මෙහෙයුවක් බව පවසන ලෙස  නියෝජ්‍ය පොලිස්පතිවරයකු තමාට පැවැසූ බව දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහතා  පවසයි. 
මහනුවරදී මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ නියෝජ්‍ය පොලිස්පතිවරයා තනතුර ලබා ගන්න දැනට ඒ තනතුරේ ඉන්න පුද්ගලයා නෙරපා හරින්න අවශ්‍ය කුමන්ත්‍රණ දියත් කටයුතු කරන බවයි. 
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කුමාර මහතා මහතා ” පසුගියදා මහනුවර සිංහල – මුස්ලිම් ගැටුමක් ඇති වුණා. එයට සම්බන්ධ යැයි කියමින් “මහසොහොන්” බළකායේ අමිත් වීරසිංහ ඇතුළු පිරිසක් අත්අඩංගුවට පත් වුණා. මේ අත්අඩංගුවට ගැනීමේදී අණදෙන නිලධාරි ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා පොලිසියේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පතිවරයකු ගැන විශේෂ හෙළිදරව්වක් කිරීමට අද අප කටයුතු කරනවා. ඒ අත්අඩංගුවට ගැනීම් මානුෂිකව සිදුවුණා කියා පිළිගන්න හැකියාවක් නැහැ. මොහුගේ අභිමතාර්ථයන්ට අනුවයි මේ අත්අඩංගුවට ගැනීම් සිදුවුණේ.

එයට සාක්කි අපි ළඟ තිබෙනවා. මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා දූෂිත නිලධාරියෙක්. මම යම් ත්‍රස්තවාදී කටයුත්තක් පිළිබඳව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට දැනුම් දුන්නා. එතුමා මට ඒ කියන නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර දුන්නා. මම එතුමාත් සමඟ කටයුතු කරන අවස්ථාවේදී රොහින්ග්‍යා සිද්ධිය සම්බන්ධයෙන්ද එතුමා මගෙන් උදවු ඉල්ලුවා. එතුමා කිව්වා මේ අය ගත්තොත් මට පොලිස්පතිවරයා වෙන්න පුළුවන්. එවිට අපි දෙන්නටම හොඳයි කියලා.

මොහු පොලිස්පති වීමේ සිහිනයෙන් රාජකාරි කරනවා නම් එතැන යම් ප්‍රශ්නයක් තිබෙනවා. මේ පුද්ගලයා රාජ්‍ය බුද්ධි අධ්‍යක්‍ෂ තනතුර ලබා ගන්න දැනට ඒ තනතුරේ ඉන්න පුද්ගලයා නෙරපා හරින්න අවශ්‍ය කුමන්ත්‍රණ දියත් කරනවා. ඒ පිළිබඳව මා ළඟ සාක්කි තිබෙනවා. මම සාක්කි සහිතව ජාතික පොලිස් කොමිසමට ඒ ගැන පැමිණිලි කරන්න අද හෝ හෙට කටයුතු කරනවා.

රටේ ජනාධිපතිවරයා විශ්වාස කරන්න බැහැ. අගමැතිවරයාට ලකුණු වැටෙන්න වැඩ කරන්න ඕනෑ. 2020දී ගෝඨාභය සහ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා එකතු වෙනවා. අගමැතිවරයා සහ ජනාධිපතිවරයා අතර ගැටුමක් තිබෙනවා. ඒ නිසා අපිට ජනාධිපතිවරයා විශ්වාස කරන්න හැකියාවක් නැහැ.”

මෙම සාකච්ඡාවට එම සංවිධානයේ සාමාජික දිල්ශාන් විජයානන්ද දර්මේන්ද්‍ර සහ රසික සිල්වා යන මහත්වරුද එක්ව සිටියහ.

 

උපුටා ගැනීම – www.slguardian.org/sri-lanka-conspiracy-against-the-head-of-intelligence-and-senior-officers-exposed/

Leave a comment

Your email address will not be published. Required fields are marked *