නුවරඑළියේ පැවති ජන හමුවකදී අදහස් දක්වමින් ජාතික ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා අවධාරණය කළේ, වෙසක් පුන් පොහෝ දිනය නිමිත්තෙන් දේශපාලන රැලී නොපැවැත්වීමට ඇතැම් විපක්ෂ පක්ෂ ගත් තීරණය සිය නොහැකියාව වසා ගැනීමට කරන උත්සාහයක් බවයි.
මැයි මස 01 වැනිදාට යෙදී ඇති වෙසක් පුන් පොහෝ දිනය හේතුවෙන් ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් දේශපාලන කටයුතුවලින් බැහැරවීමට විපක්ෂයේ ඇතැම් නායකයන් තීරණය කර තිබුණි. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, මෙම තීරණය “දුස්සීල නායකයන් සිල් ගැනීමක්” ලෙස උපහාසයට ලක් කළේය.
තමන්ගේ දේශපාලන ප්‍රතිපත්ති සහ ජනතා අපේක්ෂාවන් ඉටු කර ගැනීමට නොහැකි වූ පිරිසක්, ජනතා උද්ඝෝෂණ හෝ රැලී පැවැත්වීමට නොහැකි වීමේ ලැජ්ජාව වසා ගැනීමට ආගමික මුවාවෙන් මෙවැනි තීරණ ගන්නා බව සමන්ත විද්‍යාරත්න මහතා වැඩිදුරටත් චෝදනා කර සිටියේය. රටේ ආර්ථික සහ දේශපාලන අර්බුද හමුවේ ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු ප්‍රධාන අවස්ථාවක, දේශපාලන ක්‍රියාකාරකම්වලින් බැහැර වීම යනු එම පක්ෂවල අසාර්ථකත්වය ප්‍රදර්ශනය කිරීමක් බව ඔහු පෙන්වා දුන්නේය.














