දිවයිනේ ප්‍රදේශ කිහිපයක පවතින අධික උණුසුම් කාලගුණික තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (22) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව උතුරු, උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවල මිනිස් සිරුරට දැනෙන උණුසුම (Heat Index) ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
පවතින අධික උණුසුම හේතුවෙන් සෞඛ්‍යාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන්ම ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, එළිමහනේ වෙහෙසකර රාජකාරිවල නිරත වීම හැකිතාක් සීමා කිරීම සහ සෙවණ ඇති ස්ථානවල විවේක ගැනීම වැදගත් බව අවධාරණය කෙරේ. කුඩා ළමුන්, වැඩිහිටියන් සහ රෝගී පුද්ගලයන් පිළිබඳව මේ දිනවල වැඩි අවධානයක් යොමු කරන ලෙස ද උපදෙස් දී ඇත.













