27 April 2024
#දේශීය

ප්‍රමිතියෙන් ‍යුතු පොහොර ලබා දෙන්න -මාතලේ මහ දිසාපති

ගොවින් වෙත කාබනික පොහොර ලබා දිමේදි හොදට මාර්කටින් සිදු කරන සමාගමට වඩා වඩාත් ගුණාත්මක බවින්හා නිසි ප්‍රමිතියෙන් යුතු කාබනික පොහොර ලබා දෙන ආයතන ගොවින් වෙත හදුන්වා දිය යුතු බව මාතලේ මහ දිසාපතිනි තේජානි තිලකරත්න මහත්මිය පැවසුවාය.

දිසාපතිනියගේ මුලසුනෙන් පැවති මාතලේ දිස්ත්‍රික් කෘෂීකර්ම කමිටුවේදි ඇය මෙම අදහස් පළ කළාය.

වැඩිදුරටත් අදහස් දැක්වු දිසාපතිවරිය කියා සිටියේ රජය මගින් වර්තමාන කාලයේදි සියයට 70ක් රසායනික පොහොරත් සියයට 30ක ප්‍රමාණයක් සදහා ගොවින් වෙත කාබනික පොහොර ලබා දෙන බවත් ඒ සදහා විවිධ නිර්ණායක ජාතික මට්ටමෙන් ක්‍රියාත්මක බවත් ඒ සදහා අවනත විය යුතු බවද පැවසුවාය.

මේ වන විට කාබනික පොහොර ලබා දෙන ආකාරය පිළිබදව ගොවිජන සේවා මට්ටමින් ගොවින් දැනුවත් කිරිම් සිදු කරන බවත් කන්න රැස්විම්වලදි අදාළ තිරණ ගෙන ඇති බව පෙන්වා දෙන දිසාපතිවරිය වැඩිදුරටත් කියා සිටියේ යම් ගොවින් කාබනික පොහොර ලබා ගැනිම ප්‍රතික්ෂේප කරන්නේ නම් ඒ පිළිබදව ගොවි සංවිධාන මාර්ගයෙන් ගොවිජන සේවා දෙපාර්තමෙන්තුව දැනුවත් කරන ලෙසය.

මෙම කමිටු රැස්විම සදහා මාතලේ අතිරේක දිසාපති චමිලා අතපත්තු,දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂීකා අජිතා මානවික්‍රම යන මහත්මින් ඇතුලු ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුලු රාජ්‍ය නිලධාරින් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *