27 April 2024
#දේශීය

මහමැතිවරණයට පුළුල් සන්ධානයකින් තරඟයට එන බව සජිත් කියයි

ඉදිරියේ පැවැතිවෙන මහමැතිවරණයට පුළුල් සංවිධානයක් යටතේ තරඟ කර ජයග්‍රහණය කරන බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අද (17) පැවැත්වෙන මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ තනතුරු මත පදනම් වු දේශපාලනයක් අවශ්‍ය නොවන බවයි. අපට ලබා දිය හැකි විශාල තනතුර වන්නේ ජනතාවගේ ආශිර්වාදය පමණක් බව ප්‍රේමදාස මහතා පැවසිය.

පශ්චාත් මැතිවරණ සමයේදී දේශපාලන පලිගැනීම්වලට ලක් වුවන් වෙනුවෙන් ඉදිරියේදී සටන් කරන බවත් ඔවුන්ට සාධාරණයක් ඉෂ්ඨ කරන බව හෙතෙම අවධාරණය කලේය.

ජයග්‍රහණයෙ නාමයෙන් කටයුතු යුතුකම් වනවා, වැරදිම් සිදු වනවා අප විපක්ෂයක් වශයෙන් ඒවා පෙන්වා දීමට කටයුතු කරන බව ඔහු අනාවරණ කළේය.  ජනාධිපතිවරණය පරාජයට පත් වුවත් පසුබෑමක් නොමැති බව පෙනෙන්නට ඇති අතර මහමැතිවරණයෙ ජයගැනීමට හැකියාව ඇති බව ඔහු කියා සිටියේය. 

 

 

දිලිනි සමන්මලි

Leave a comment

Your email address will not be published. Required fields are marked *