27 April 2024
#දේශීය

පාඨලිව අත්අඩංගුවට ගත්තාට රනිල් විරුද්ධයි

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීම පිළිගත් ප්‍රජාතන්ත්‍ර හා නෛතික සම්ප්‍රදායට පටහැනි බවත් මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ බලවත් විරෝධය හා කනස්සල්ල පල කරන බව එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ පාඨලි මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගැනීමේදී අනුගමනය කල යුතු සම්ප්‍රදායන්ද මෙහිදී උල්ලංඝනය කර ඇති බවයි.

එසේම මෙය අවසන් කර ඇති නඩු කටයුත්තක් සම්බන්ධයෙන් සිදු කර ඇති අතර මෙම අත්අඩංගුවට ගැනීම තුළින් සාධාරණ හේතු කිසිවක් ඉදිරිපත් කිරීමට පොලිසිය සමත්ව නොමැති බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.

එසේම විනය ගරුක රටක් බිහි කිරීමට ප්‍රතිඥා දී බලයට පැමිණී ආණ්ඩුවක් යටතේ සිදුවන මෙම ක්‍රියාවලින් පෙනී යන්නේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට නීතිය, විනය හා සම්ප්‍රදායන් උල්ලංඝණය වීමක් බවයි. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පෙරමුණේ බලවත් විරෝධය හා කනස්සල්ල පල කරන බව රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 

දිලිනි සමන්මලි 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *