27 April 2024
#දේශීය

ඉන්දිය නාවික හමුදාපති මෙරට ආරක්ෂක ලේකම් අතර හමුවක්

ඉන්දියානු නාවික හමුදාපති අද්මිරාල් කරම්බීර් සිං, මෙරට ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා හමුවක් ඊයේ (19) ආරක්ෂක අමාත්‍යංශයේ සිදු විය.

එහිදී ඉන්දියානු නාවික හමුදාපති අද්මිරාල් කරම්බීර් සිං, ආරක්ෂක ලේකම්වරයා අතර දෙරට මුහුදු තීරයේ ආරක්ෂක ක්‍රියාමාර්ගයන් සම්බන්ධීකරණය කිරීම, පුහුණු කිරීම්, මත්ද්‍රව්‍ය සහ අනෙකුත් නීති විරෝධි ජාවාරම් සීමා කිරීම, සමුද්‍රීය කරුණු, තොරතුරු හුවමාරු කර ගැනීම සහ ද්විපාර්ශ්වික සහයෝගීතාව වැඩි දියුණු කිරීම ඇතුළු කරුණු පිළිබදව සාකච්ඡා කෙරෙණි.

මෙරට ත්‍රස්තවාදී යුද සමයේ එවකට පැවැති රජය ත්‍රස්තවාදය පරාජය කිරීමට සමත් වුයේ කෙසේ ද යන්න සහ මෙරටින් ත්‍රස්තවාදී උවදුර තුරන් කිරීමට ගත් පියවර පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා විසින් පැහැදිලි කිරීමක් මෙහිදී සිදු කර තිබේ.

එසේම අසල්වැසි රටවල් දෙක සඳහාම පොදු තර්ජනයන් ඇති බැවින් දෙරට අතර තොරතුරු හුවමාරු කර ගැනීමේ අවශ්‍යතාවය ද මෙහිදී ලේකම්වරයා පෙන්වා දී තිබේ. තව ද සමුද්‍රීය ගැටළු විසදීම සඳහා දෙරට අතර මනා සහයෝගිතාවය හා ඒ සඳහා මැදිහත්වීමේ අවශ්‍යතාවය ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.

 

 

දිලිනි සමන්මලි 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *