ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශුද්ධෝත්තම පාප් වහන්සේ විවේචනය කරමින් සිදුකළ ප්‍රකාශයකට ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) දැඩි ලෙස ප්‍රතිචාර දක්වා තිබේ. ට්‍රම්ප් විසින් පාප් වහන්සේ “අපරාධවලට එරෙහිව දුර්වල” බවත් “විදේශ ප්‍රතිපත්තියේදී අසාර්ථක” බවත් පවසමින් සිදුකළ විවේචනය ලෝකයේ පළමු වරට රාජ්‍ය නායිකාවක විසින් ප්‍රසිද්ධියේ හෙළා දැකීම මෙයයි.
මෙලෝනි අවධාරණය කළේ ට්‍රම්ප්ගේ මෙම වදන් කිසිසේත් පිළිගත නොහැකි බවත්, කතෝලික සභාවේ නායකයා ලෙස සාමය වෙනුවෙන් හඬ නැගීම සහ යුද්ධය හෙළා දැකීම පාප් වහන්සේගේ වගකීම සහ අයිතිය බවත්ය. හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ ඉතාලියේ සහය අපේක්ෂා කළ ට්‍රම්ප්ට, මෙලෝනිගේ මෙම ස්ථාවරය ප්‍රබල රාජ්‍යතාන්ත්‍රික පසුබෑමක් වී ඇත.
මෙම සිදුවීම හරහා ට්‍රම්ප්ගේ ප්‍රතිපත්තිවල පවතින “හපන්කම්” (Hypocrisy) මෙලෝනි විසින් ලෝකය හමුවේ නිරාවරණය කර ඇති බව විචාරකයෝ පවසති. විශේෂයෙන්ම මැදපෙරදිග යුද්ධය සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික අවහිරතාවය සම්බන්ධයෙන් යුරෝපා නායකයින් සහ ඇමෙරිකාව අතර පවතින මතභේද මෙයින් තවදුරටත් තීව්‍ර වී තිබේ.
තොරතුරු උපුටා ගැනීම: BBC ඇසුරින්














