27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව රැස් වී සභාව සිකුරාදා තෙක් කල් තැබේ

පාර්ලිමේන්තුවේ රැස්වීම් අද (19) පස්වරු 1 ට ආරම්භ විය. කථානායකවරයා පාර්ලිමේන්තුවට සහභාගී නොවු අතර නියෝජ්‍ය කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

14,15,16 දින තුළ පාර්ලිමේන්තුව තුළ ඇති වු ගැටුම් සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කර අවශ්‍ය නීතිමය කටයුතු කරන ලෙස ලක්ෂමන් කිරිඇල්ල මන්ත්‍රීවරයා නියෝජ්‍ය කථානායකවරයාගෙන් ඉල්ලීමක් කර සිටියේය.

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාව සම්බන්දයෙන් පැන නැගුණ ඇති වු ගැටළුකාරි තත්ත්වය අනුව පාර්ලිමේන්තුව ලබන සිකුරාදා දින තෙක් පාර්ලිමේන්තුව කල් තැබීමට නියෝජ්‍ය කථානායකවරයා නියෝග කළේය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *