27 April 2024
#දේශීය

පාර්ලිමේන්තුව අවට ජනතාව ගෙන්වන්න එපා – ජනපති

පාර්ලිමේන්තුව තුළ ඇති මේ දේශපාලනික ගැටළුව සම්බන්දව ජනතාව එහි අවට ගෙන්වීම කළ යුතු නැති බවත් පාර්ලිමේන්තුව තුළ සාමකාමීව ගැටළුව විසදා ගන්නා ලෙස සියළු මන්ත්‍රීවරුන්ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (18) ජනාධිපති ලේකම් කාර්යාලේ පැවැති සාකච්ඡාවක් අමතමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ නොසන්සුන්තාවය රටේ සාමාන්‍ය මහජනතාව තුළ උගත් බුද්ධීමත් ජනතාව එය අනුමත නොකර බවයි. පාර්ලිමේන්තුවෙ ගැටුම්කාරි තත්තවය සම්බන්දයෙන් කිසිසෙත්ම එකඟ වන්නේ නොවන බව හෙතෙම කියා සිටියේය.

ඉදිරි කටයුතු කිරීමේ එකඟතාවයකින් කටයුතු කළ යුතු අතරම මේ ප්‍රශ්ණයේදී තමා මධ්‍යස්ථව කටයුතු කරන බව ද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *