මෙරටින් වාර්තා වන සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,455 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු මරණ 50ක් වාර්තා වී තිබේ. ඊයේ (16) දිනයේදී පමණක් අලුතින් රෝගීන් 1,025ක් වාර්තා වී ඇති අතර, ජූලි මාසයේ ගතවූ දින 16 තුළ පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 18,076කි.
වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බස්නාහිර පළාතෙන් රෝගීන් 38,700ක් වාර්තා වී ඇත. ඉන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 15,341ක් සහ කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 14,625ක් ලෙස වාර්තා වී තිබේ. වසරේ මේ දක්වා කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ජුනි මාසයේ වන අතර එම අගය 21,538ක් ලෙස සටහන් වේ.














